ගෙවන නිරෝධායන මධ්‍යස්ථාන දෙකක් සුපිරි හෝටල්වල !

May 3, 2020 at 11:33 AM

විද‌ේශගතව සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍ය නම් මුදල් ගෙවා නිරෝධායනය වීමට මෙරට සුපිරි හෝටල් 02ක් සූදානම් කර තිබේ .

හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්දු සිල්වා මහතා පවසා ඇත්තේ මේ වන විට සිට්රස් (Citrus) සහ ජෙට්වින්ග් (Jetwing) හෝටල් හිමිකරුවන් මේ සදහා කැමැත්ත ප්‍රකාශ කර ඇති බව ය.

බොහෝ පිපිරිසකගෙන් ලද ඉල්ලීම පරිදි මෙසේ හෝටල් සූදානම් කර ඇති අතර සියලු ආහාර වේල්ද ඇතුළුව එක් කාමරයක් සදහා රු. 7,500ක් අය කෙරේ. සාමාන්‍යයෙන් මෙම හෝටල්වල සාමාන්‍ය තත්ත්වය යටතේ කාමරයක මිල රුපියල් 35,000ක් පමණ වන බවත් යුදහමුදා පති වරයා පවසයි

කෙසේ වෙතත් මෙම හෝටල්වල ද නිරෝධායන කටයුතු සිදු කෙරෙන්නේ යුධ හමුදාවේ දැඩි අධීක්ෂණය යටතේ ය.
එම හෝටල්වල සිටිය හැක්කේ නිරෝධායනයට ලක්වන අය පමණක් බවත් යුධ හමුදාපතිවරයා පැවසුවේය.

අද දිනයේදීද එංගලන්තයේ සිට 260කට ආසන්න පිරිසක් පැමිණීමට නියමිත අතර එවැනි හෝටල්වල මුදල් ගෙවා හෝ ලබාගත හැකිි නිරෝධායන පහසුකම් ලබා දෙන ලෙස විදේශගත බොහෝ ශ්‍රී ලාංකිකයන් විසින් ඉල්ලීීීීම් කර තිබූ බවත් ඔහු කියා සිටියේය.

මේ වන විට රජය විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානවල 4646ක පිරිසක් නිරෝධායනය වෙමින් සිටිති.

බ්‍රිතාන්‍යයේ සහ ඕස්ට්‍රේලියාවේ සිට පැමිණෙන සියලු දෙනා අනිවාර්යයෙන් නිරෝධායන කරන අතර හෝටල් පහසුව ලබා දෙන්නේ ඉල්ලීම් කරන අයට පමණක් බවද වාර්තා වෙයි.