මහර තාප්පෙන් පනින්න ගිය රැඳවියන්ගේ සුල මුල! තාප්පෙන් වැටී අයෙකු මියයයි .

May 3, 2020 at 3:27 PM

මහර බන්ධනාගාරයෙන් පලායාමට උත්සහ කර ඇත්තේ මත් ද්‍රව්‍ය චෝදනා ලැබූ රැඳවියන් හත් දෙනෙකු බව වාර්තා වෙයි.

එහි තාප්පයකින් පැන පලායාමට උත්සහ කරද්දී එක් අයෙකු ඇද වැටී රෝහල් ගත කිරීමේදී මියගියේය.

ඉතිරි හය දෙනා අල්ලාගැනීමට බන්ධනාගාර නිලධාරීන් සමත් වූ අතර එහිදී සිදුවූ පොරබැදීමේදී නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරිණි .