ලන්ඩන් සිසුන් ගේන පළමු යානය පිටත් වේ.

May 3, 2020 at 6:11 AM

විදෙස් රටවල සිරවී සිටින ශ්‍රී ලාංකික සිසුන් කැඳවාගෙන එන මෙහෙයුමේ දෙවන අදියර අද ඇරඹුණා .

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යානයක් අද හීත්‍රෝ බලා පිටත් වුණා.

හෙට සහ අනිද්දාත් මෙවැනි ගුවන් සේවා හීත්‍රෝ වෙත යන අතර මෙරට සිට විදෙස් ජාතිකයන් එමගින් රැගෙන ගොස් ශ්‍රීලාංකික සිසුන් යලි රැගෙන ඒමයි සිදු වන්නේ.

මෙලෙස ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් වෙතද ලබන 8 වැනිදා ගුවන් ගමනක් සැලසුම් කර තිබෙනවා.

සාක්‍ රටවල සිට ද පසුගිය දින 10 පුරා මෙවැනි මෙහෙයුමක් ක්‍රියාත්මක කල අතර එය මේ වැඩසටහනේ පළමු අදියරයි.