බ්‍රිතාන්‍යයේ සහ ඕස්ට්‍රේලියාවේ පිරිසක් රැගෙන ඒමට ශ්‍රී ලංකන් සූදානම්!

May 2, 2020 at 3:38 PM

බ්‍රිතාන්‍යයේ ලන්ඩන් වෙත ගුවන් ගමන් 3 ක් ලබන 3,4,5, දිනවලදී සිදුකරන බව ශ්‍රී ලංකන් සමාගම පවසනවා . ඒ මෙරට සිටින විදේශිකයන් බ්‍රිතාන්‍යය වෙත රැගෙන යාමට සහ එහි සිටින ශ්‍රී ලාංකිකයින් පිරිසක් රැගෙන ඒමටයි.

මීට අමතරව ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් වෙතද ලබන 8 වන දා ශ්‍රී ලංකන් ගුවන් යානක් පිටත්ව යන්නේ එහි සිටින පිරිසක් රැගෙන ඒම සඳහායි.