සුව වූ රෝගියා යළි කොවිඩ්19 ආසාදිත වූ හේතුව ගැන සැකයක්.

May 2, 2020 at 7:15 PM

කෝවිඩ් -19) – කොරෝනා වෛරසය අසාදනයවී සුවය ලබා පැමිණි පුද්ගලයෙකුට යලිත් වරක් කොරෝනා වැළඳුනු බවට තහවුරු වීමේ පුවතක් වාර්තා වෙයි.

මෙම පුද්ගලයා ඉකුත් මාර්තු මස 17 වෙනිදා පළමු වරට කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට තහවුරු වීමෙන් පසු IDH රෝහලට ඇතුලත් කෙරිණ .

ජා-ඇළ ප්‍රදේශයේ පදිංචි 67 වන වියේ පසුවන ඔහු මාසයක කාලයක් ප්‍රතිකාර ලැබීමෙන් පසු ඉකුත් අප්‍රේල් මස 17 වෙනිදා යලි නිවස වෙත යවන ලදී.

නිවසට පැමිණ දින 14ක ස්වයං නිරෝධායනයට ලක් වෙමින් සිටි මෙම පුද්ගලයා පසුගිය අප්‍රේල් මස 30 වෙනිදා පපුවේ ඇතිවූ වේදනාවක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුලත් වී තිබෙන අතර එහිදී සිදුකළ PCR පරීක්ෂණයෙන් මෙම පුද්ගලයාට යලිත් වරක් කොරෝනා වෛරසය වැලදී ඇති බවට තහවුරු විය.

ඒ අනුව එම රෝගියාව යලිත් වරක් IDH රෝහල වෙත මාරුකර යැවීමට කොළඹ ජාතික රෝහලේ බලධාරීන් පියවර ගත්හ.

කොරෝනා ආසාධනයට ලක්වූ මෙම පුද්ගලයා වකුගඩු සහ දියවැඩියා රෝගයෙන් පෙලෙන්නෙකි. ඔහු ඉතාලියේ සිට පැමිණි පුද්ගලයෙක් ඇසුරු කිරීමෙන් යළි වෛරසයට ගොදුරුව ඇති බව එහි ප්‍රකාශකයෙක් සඳහන් කරයි.

මේ වන විට එම රෝගියාගේ නිවසේ සිටින පවුලේ සාමාජිකයින් සිව්දෙනෙක් ද ස්වයං නිරෝධායනයට ලක් කොට ඇති බව සඳහන්