සති තුනකට පසු එලියට ආ කිම් ජොං උන් ගේ ඡායාරූපය

May 2, 2020 at 4:34 AM

උතුරු කොරියානු නායකයා සති තුනකට පසු ඊයේ ප්‍රසිද්ධ උත්සවයකට එක් වූ බව එරට රාජ්‍ය මාධ්‍ය ඒජන්සිය වාර්තා කර තිබෙනවා.

පොහොර නිශ්පාදනාගාරයක් විවෘත කිරීමේ එම උත්සවයේ ඡායාරූප වාර්තාවක් ද පසුව AFP සේවය මාධ්‍යට නිකුත් කලා

ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ පසුගිය අප්‍රේල් 11ට පසු උතුරු කොරියානු නායකයා ගැන එරට මාධ්‍ය වාර්තාකලේ ඊයේ බවයි. ඔහු අසනීපයෙන් පෙලෙන බවටත් පුවත් පැතිර ගියා.

කෙසේවෙතත් අද පෙරවරුවේ AFP ධවල මන්දිර වාර්තාකාරිනී ජෙරොම් කාටිලීර් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගෙන් උතුරු කොරියානු නායකයා ගේ තත්වය ගැන විමසා තිබෙනවා.

ට්‍රම්ප් එහිදී පවසා ඇත්තේ තමා ඒ ගැන කතා නොකරන බවයි