කොවිඩ්19 මෙහෙයුමේ බුද්ධි අංශ වාර්තාව

May 2, 2020 at 2:13 PM

නාවික හමුදාවේ විනය හේතුවෙන් වැලිසර කඳවුරේ පොකුර තම පාලනයට ගැනීම පහසු වූ බව රාජ්‍ය බුද්ධි සේවයේ සහකාර අධ්‍යක්ෂ පරාක්‍රම ද සිල්වා මහතා පවසයි.

රාජ්‍ය බුද්ධි අංශය හදුනාගත් කොරෝනා වෛරසය පැතිරී ගිය පොකුරු 31 ක් සහ ප්‍රබල පොකුරු 7ක් පිළිබඳව ඔහු අනාවරණය කලේ රෑපවාහිනී නාලිකා ඔස්සේ සිය කාර්‍යභාරය පැහැදිලි කරමින්.

1) සංචාරක මග පෙන්වන්නාගේ පොකුර

2) මැණික් ව්‍යාපාරිකයාගේ පොකුර – බේරුවල

3) විදේශගත ව සිට පැමිණි අයගේ පොකුර

4) ආගමික කටයුත්තක් සඳහා විදේශ ගතව පැමිණි
පුත්තලම ප්‍රදේශයේ පිරිස

5) සුදුවැල්ල මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ අය

6) බණ්ඩාරනායක මාවත

7) නාවික හමුදාවේ පොකුර

රාජ්‍ය බුද්ධි සේවයේ සහකාර අධ්‍යක්ෂ පරාක්‍රම ද සිල්වා මහතා සඳහන් කළේ වැලිසර නාවික කඳවුරේ සෙබළුන් විසින් සුදුවැල්ල ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ පිරිසක් නිරෝධායනය සඳහා ගෙන යාමට කටයුතු කරනු ලැබු බවයි.

එසේ මෙම කටයුත්තට ගිය නාවික හමුදා සෙබලෙක් වැලිසර නාවික හමුදා කඳවුරේම විදුලි කාර්මික අංශයේ සෙබළෙකු සමඟ සම්බන්ධ වීමෙන් ආසාදිත වී තිබේ.

ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කලේ එම කදවුරේ 2000 වගේ පිරිසක් සිට ඇති බවයි. එයින් නිවාඩු ලබා පිටව ගොස් සිටි ගණන 800ක් බවත් එයින් මෙම සුදුවැල්ල සිද්දියෙන් පසුව නිවාඩු ගොස් සිටි පිරිස 254ක් බව හදුනා ගත් බවයි.

ඔවුන්ගේ තොරතුරු කඩිනමින් සොයා බලා නිවාස 800ක් සොයා ගත් බවත්, එයින් ඔවුන්ගේ සමීපතමයන් බොහෝ පිරිසක් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කරනු ලැබූ බවත් අන් අය ස්වයං නිරෝධායනයට යොමු කල බවත් ඔහු සඳහන් කළා.

මේ සියලු දේ ඉතා කෙටි කලකින් ත්‍රිවිධ හමුදාවේ සහයෝගයෙන් සිදු කල බව ඔහු අවධාරණය කර සිටියා.