පරිප්පු හා සැමන් සඳහා පැනවූ උපරිම සිල්ලර මිල ඉවතට

May 2, 2020 at 10:59 PM

පරිප්පු හා සැමන් සඳහා පැනවූ උපරිම සිල්ලර මිල ඉවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ.

පරිප්පු කිලෝග්‍රෑමයක් රුපියල් 65කට අලෙවි කළ යුතු බව සඳහන් කරමින්ද, ටින් කළ මාළු රුපියල් 100කට අලෙවි කළ යුතු බව සඳහන් කරමින්ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මාර්තු මාසයේදී ගැසට් නිවේදනයක් නිකුත් කරන ලදී.

අප්‍රේල් මස මුලදී පුද්ගලික ආයතන එම පාලන මිලට යටත් නොකොට මින් ඉදිරියට සතොස සහ සමුපකාරය හරහා පමණක් පරිප්පු සහ ටින් කළ මාළු පාලන මිල යටතේ අලෙවි කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබුණි.