කොළඹින් ගමට!

May 2, 2020 at 3:10 PM

කොවිඩ්19 වෛරසය පැතිරීමත් සමග පැණවූ ඇඳිරිනීතිය හේතුවෙන් බස්නාහිර පළාතේ සිරවූ පිට පළාත්වල ජනතාව යලි පිටත් කිරීමේ කටයුතු දැන් ආරම්භ වී තිබේ.

ඇදිරිනීතිය තත්ත්වය හේතුවෙන් තම ස්ථීර පදිංචි නිවෙස් වෙත යා නොහැකිව පුරා මාසයකට අධික කාලයක් කැළණිය පොලිස් කොට්ඨාසයේ පොලිස් වසම්වල රැදී සිටි තෝරාගත් පිරිසක් මූලික වෛද්‍ය පරීක්ෂණ වලට ලක් කර ඉතාමත්ම ආරක්ෂිතව සිය නිවෙස් වෙත යොමු කිරීම අද (05/02) පෑලියගොඩ විජය කුමාරතුංග ක්‍රීඩාංගණයෙන් ආරම්භ විය.

ඒ අනුව කැළණිය පොලිස් කොට්ඨාසය තුල රැදී සිටි ගැබිණි මාතාවන් , දිර්ඝ කාලීන රෝගීන් , කුඩා දරුවන් ඇතුළු 370 දෙනෙකු ⁣මූලික වෛද්‍ය පරීක්ෂාවෙන් අනතුරුව ලංගම බස් රථ වලින් පොලිස් ආරක්ෂාව සහිතව පිටත් කර යවනු ලැබිනි.