බන්දුලගේ ඡන්ද කතාවට සංගා කිව්ව අමුතු කතාව

May 1, 2020 at 12:52 PM

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ කැබිනට් මාධ්‍ය හමුවේ පළකල අදහසක් සම්බන්ධයෙන් ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක කුමාර සංගක්කාර අපූරු අදහසක් පලකර තිබෙනවා.

පසුගිය රජය මැතිවරණ පැවැත්වූයේ ඩෙංගු රෝගයෙන් මරණ 500 ක් 600 ක් වාර්තාවූ කාලයකබව අමාත්‍යවරයා සිහිපත් කර තිබුණා .

නමුත් කොවිඩ්19 හේතුවෙන් මෙරට වාර්තා වූයේ මරණ 7ක් පමණක් බවත් අමාත්‍ය වරයා පැවසුවේ වෛරසය මැතිවරණ පැවැත්වීමට බාධාවක් නොවන බවට දෙමින්.

එම පුවත NewsWire ඉංග්‍රීසි වෙබ් අඩවියේ පළකර තිබියදී එහි ට්විටර් පිටුවට අදහසක් එක් කල කුමාර් සංගක්කාර විමසා තිබුණේ අමාත්‍යවරයා පළකළ අදහස ඥාණවන්ත අදහසක් නොවේ නේද ? යන්න විමසමින්.

ඊට ට්විටර් සමාජ ජාල මාධ්‍යයේ ඉහළ ප්‍රතිචාරද දක්නට ලැබුණා.