දවසේ රූ සටහන! දරු සෙනෙහසට සීමා තැනූ වෛරසය !

May 1, 2020 at 8:07 AM

කොවිඩ්19 ලෝකයේම ජනජීවිතය මානව සම්බන්ධතා සියල්ල උඩු යටිකුරු කළා.
මේ සමාජ මාධ්‍ය වල පළවූ එ වැනි කතාවක්. වාරියපොල ප්‍රදේශයේ පියෙකු තමන් රියදුරෙකු ලෙස සේවය කරන තලංගම ඩිපෝවේ බස් රිය රැගෙන වවුනියාව යන අතරමගදී සිය දරුවන් දැක බලා ගත් අයුරුයි මේ.
ඔහු දින ගණනාවක් තිස්සේ රැඳී සිට ඇත්තේ සිය සේවා ස්ථානයේ .
නමුත් ගම්පියස හරහා ගමන් කරද්දී මේ පියාට සිය දරුවන් දුර සිට දැකගැනීමට අවස්තාවක් හිමිවූ බවයි මේ සේයාරූ ෆේස්බුක් හි පළකරමින් සඳහන් කර තිබුණේ.