වැඩකරන ජනතාවගේ දිනය අද!

May 1, 2020 at 7:47 AM

ලෝක කම්කරු දිනය අදට යෙදී තිබෙනවා.වසර 1886 දී අමෙරිකාවේ චිකාගෝ නගරයේ කම්කරු
විරෝධතාවකට ප්‍රහාරයක් එල්ල කර මර්දනය කිරීමේ සිද්ධියක් මුල් කර ගනිමින් වසරක් පාසා මැයි මස පළමුවැනිදා කම්කරු දිනය සමරයි.

වසර 1933 සිට මෙරට ශ්‍රී ලාංකික වැඩකරන ජනතාව ද කම්කරුදිනය සැමරීමට එක් වී සිටින අතර වර්තමානයයේ රටේ ඇතිවී තිබෙන ගෝලීය වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය අංශ ලබා දී ඇති
උපදෙස් අනුව මෙවර මැයි දින සැමරුම් පැවැත්වීම සිදු නොවන වෘත්තීය සමිති නායකයෝ පවසති.