අගමැති ගෙන් සියලු හිටපු මන්ත්‍රීවරුන්ට කැඳවීමක්.

April 30, 2020 at 11:25 AM

දැනට විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රී වරුන් ලබන සඳුදා අරලියගහ මන්දිරයට කැඳවා තිබෙනවා.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙම රැස්වීම
කැඳවා ඇති අතර සියලු පක්ෂ වල හිටපු මන්ත්‍රීවරුන්ට ඒ ගැන දන්වා යවා තිබෙනවා.
කොවිඩ්19 වෛරසය පැතිරීමත් සමග රටේ ඉදිරි කටයුතු ගැන මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති.
දිවයින පුරා අද රාත්‍රී 8 ට පැණවෙන ඇඳිරිනීතිය ද ලබන සඳුදා අලුයම 5 ට ඉවත් කෙරෙනවා.