අලුත්ම ෆේස්බුක් වෙනස.. ඔබටත් ලැබුණාද? .

April 30, 2020 at 2:06 PM



ෆේස්බුක් සමාගම කොවිඩ්19 වෛරසය පැතිරීමත් සමග සිය ග්‍රාහකයන් වෙත සමාජ දුරස්ථකරණය හා බැඳුණු නව imojiයක් තිළිණ කිරීමට සූදානම්.
ඔවුන් එය නම් කර ඇත්තේ care හෙවත් පරිස්සම අර්ථ දක්වමින්.
දුරින් එනමුත් එක්ව සිටිමු යන්න සිය බිලියන දෙකක් ඉක්මවන ග්‍රාහකයන් වෙත ෆේස්බුක් සමාගම මේ සමග ලබා දෙන පණිවුඩයයි.
මේ වන විට ෆේස්බුක් වල දක්නට ඇත්තේ කැමැත්ත ,ආදරය,හාස්‍යය,විශ්මය,සංවේගය හා තරහව දැක්වෙන ඉමෝජි  හයක් පමණයි .


ෆේස්බුක් සමාගම මේ වනවිට එක් කරගෙන යන යා වත් කාලීන කිරීමත් සමග එය පරෙස්සම හඟවන ඉමෝජියද සමඟ හතක්  බවට පත් වනු ඇති .
ඒ සමඟම මැසෙන්ජර් වෙතද හදවතක හැඩය ගත් නව ඉමෝජියක් එක්වන බව වාර්තා වෙනවා.