ඇඳිරිනීතිය කැඩූ 40,000කින් 30,000කට වැඩි පිරිසක් ගැන ගැන ඉතා’මත්’ බරපතල තොරතුරක්

April 30, 2020 at 8:08 AM


ගතවූ පැය24 තුළත් 500කට අධික පිරිසක් ඇඳිරිනීතිය කඩකිරීම හේතුවෙන් අත් අඩංගුවට පත් ව තිබේ.
නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ මේ වන විට 40,100ක් දෙනා සමස්තයක් ලෙස අත් අඩංගුවට ගෙන ඇති බවයි. නීති කඩ කළ වාහන 5000 ක් මේ වන විටත් පොලිස් භාරයේ ඇතැයි ඔහු ස්වර්ණවාහිනිය සමග සජීවීව අදහස් දක්වමින් කියා සිටියේය.

කෙසේ වෙතත් අද ජාතික පුවත් පතක් නියෝජ්‍ය පොලිස්පතිවරයා උපුටා දක්වමින් වාර්තා කර ඇත්තේ මෙලෙස අත් අඩංගුවට ගත් බහුතරය නීති විරෝධී මත් ජාවාරම් වලට සම්බන්ධ බවයි.
23000කට ආසන්න පිරිසක් හොර සුරා පෙරීම සම්බන්ධවත් 10,000කට ආසන්න පිරිසක් මත් ජාවාරමට සම්බන්ධ බවත් හෙලිවී ඇති බව එම පුවත් පත හෙලි කළා.