ආරක්ෂාව පතා සෞඛ්‍ය සේවකයින් පිරිසක් සේවයෙන් ඉවත් වෙති. GMOA වෙතින් රජයේ අවධානයට .

April 29, 2020 at 4:51 PM

කොවිඩ්19 පාලනය වෙනුවෙන් කැපවන සෞඛ්‍ය හා ආරක්ෂක සේවාවන්හි සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරී සංගමය අවධානය යොමුකර තිබේ. ඔවුන් පවසන්නේ මේ වන විටත් පවතින අඩුලුහුඬුකම් නිසා සමහර සෞඛ්‍ය සේවකයින් සේවයෙන් බැහැර ව සිටින බවයි. මේ තත්ත්වයට වහාම පිලියම් යෙදිය යුතු බව ඔවුන් පෙන්වා දෙති.


මේ අතර කොළඹ මහනගර සභාවේ දිසා අංක 2 ඒ කාර්‍යාලයේ පිරිසක් සිය සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් නිරෝධායනය වීමට තීරණය කර ඇත. ඔවුන් පවසා ඇත්තේ තමන්ට ලැබෙන සෞඛ්‍ය පහසුකම් ගැන සෑහීමකට පත් විය නොහැකි බවයි.