ඉර්ෆාන් ඛාන්! සමුගනී

April 29, 2020 at 4:23 PM

ඉන්දියාවේ සුප්‍රකට නළු ව ඉර්ෆාන් ඛාන් අද (29) අභාවප්‍රාප්ත වී තිබෙනවා . මියයන විට ඔහු 53 වන වියෙහි පසුවිය.

ඔහු මුම්බායි හි පිහිටි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් තිබුනේ මහා බඩවැලේ හට ගෙන තිබු ගෙඩියක් හේතුවෙන් බව ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්වේ. ඔහු කලක සිට මේ වෙනුවෙන් ප්‍රතිකාර ලබා ගෙන තිබුනි.

ස්ලම්ඩෝග් මිලියනර්, ජුරාසික් වර්ල්ඩ්, බිල්ලු බාබර්, පීකු සහ life of pi ඔහු රංගනයෙන් දායකවූ චිත්‍රපට කිහිපයකි. හොලිවුඩය මෙන්ම බොලිවුඩය ද ජයගත් රංගන ශිල්පියෙක් ලෙස ඉර්ෆාන් ඛාන් හැදින්විය හැකිය.