සහරාන් ගෙන්වා දේශන පැවැත්වූ පුත්තලමේ සංවිධානයක් ගැන තොරතුරු

April 29, 2020 at 6:47 PM


පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සහරාන් සහ තවත් බෝම්බ කරුවන් ගෙන්වා දේශන සංවිධානය කල පුත්තලමේ අන්තවාදී සංවිධානය ක් ගැන පොලීසිය තොරතුරු හෙලි කරගෙන ඇත .
පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා පැවසුවේ අන්තවාදී වීඩියෝ දර්ශන පෙන්වා පුද්ගලයින් අන්තවාදය වෙත නැඹුරු කරගෙන ඇති බවට සැක කෙරෙන බවයි.
මෙම අන්තවාදී සංවිධානය සම්බන්ධයෙන් සැක පිට කිහිප දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබේ.
මේ අතර සාම්පුර් සහ ත්‍රිකුණාමලය තෝපූර් ප්‍රදේශ වලින් අවි පුහුණු කඳවුරු ලෙස පවත්වාගෙන ගිය ස්ථාන දෙකක් ගැන තොරතුරු ද හෙලිවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා සඳහන් කලේය . මෙම ස්ථාන වලදි මූලික අවි පුහුණුව ලබා දීම් සිදුකර තිබෙන බවයි ඔහු පැවසුවේ .