ඇඳිරිනීතිය සංශෝධනයට හේතුව !

April 29, 2020 at 10:11 PM

හෙට රාත්‍රී 8 ට දිවයිනේ දිස්ත්‍රික්ක 21කට පැණවෙන ඇඳිරිනීතිය ලබන 4වැනිදා අලුයම තෙක් දිගටම බලපැවැත්වෙන බව රජය නිවේදනය කළා.
ඒ අනුව හෙට රාත්‍රී 8 සිට මුලු දිවයිනටම ඇඳිරිනීතිය ලබන සඳුදා උදේ 5 දක්වා බලපැවැත්වෙනවා.

මීට හේතුව කුමක්දැයි බොහෝදෙනා විමසිලිමත් වූ අතර අප ඒ ගැන කළ සොයා බැලීමේදී හෙලි වූයේ අනිද්දා සිට දීර්ඝ සති අන්තයක් එළඹෙන බැවින් මෙම තීරණය ගත් බවයි.
සිකුරාදා මැයිදිනය වන අතර සති අන්තය ද ඒ සමගම එළඹෙන බැවින් ලබන සඳුදා තෙක් දිගටම ඇඳිරිනීතිය ක්‍රියාත්මක කෙරෙනවා.පසුගිය සති අන්තයේද එලෙස දිවයිනටම ඇඳිරිනීතිය පණවා තිබුණා.