නිරෝධායන පුවත් වලදී පෞද්ගලිකත්වය සුරකින්න එකඟ වෙති.

April 28, 2020 at 4:47 PM


නිරෝධායන කටයුතු සම්බන්ධ වාර්තාකරණයේදී වඩාත් සදාචාරාත්මක ලෙස හා එම පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂාවන පරිදි කටයුතු කරන ලෙස රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා මෙරට සියලු රූපවාහිනී පුවත් ප්‍රධානීන්ගෙන් ඉල්ලා තිබෙනවා.
ඒ අද ඔවුන් සමග පැවැති සාකච්ඡාවකදී.
ප්‍රවෘත්ති අංශ ප්‍රධානීන් එම ඉල්ලීම සඳහා එකඟතාව පළ කල බවද කලුවැව මහතා සිය ට්විටර් සටහන මගින් සඳහන් කරනවා .