ඊයේ ආසාදිතයින් 65ක් . මෙතෙක් වැඩිම ගණන. ආසාදිතයින් හමුවූ තැන් මෙන්න

April 28, 2020 at 4:54 AM

ඊයේ රාත්‍රී 11.30 වන විටමෙරට කොවිඩ්19 ආසාදිත සංඛ්‍යාව 588කි. ඒ ඊයේ දිනය පුරා වාර්තාවූ නව ආසාදිතයින් 65ක් සමගයි.

ඉන් වැඩි පිරිසක් ඊයේ වාර්තාවූයේ නාව්ක හමුදා සාමාජිකයින් ලෙසයි. එම සංඛ්‍යාව 50කට අධිකයි.

මේ වන විට කොළඹ නගර සීමාවෙන් ආසාදිතයින් 92ක් වාර්තා වෙයි.

ඉන් පසුව වැඩිම පිරිසක් වාර්තා වන්නේ වැලිසර නාවික හමුදා කඳවුර ආශ්‍රිතවයි. ඒ 86කි.

සමස්තයක් ලෙස නාවික හමුදා සාමාජිකයින් 180ක් ආසාදිත වූ බව ඊයේ පස්වරුවේ සංඛ්‍යා ලේඛන වල දැක්විණි.

බේරුවලින් 20ක් හා මිනුවන්ගොඩින් ආසාදිතයින් 10ක් වාර්තාවන අතර නිරෝධායන මධ්‍යස්ථාන ආශ්‍රිතව සැලකිය යුතු පිරිසක් වාර්තාවේ. ඔවුන් බහුතරය විදේයන් හි සිට පැමිණි අයයි.

මේවන විට 126 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබේ.

455 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබති.