දිස්ත්‍රික්ක 21ක ඇඳිරිනීතිය ඉවතට..! හැඳුනුම් පත බලා පිටතට යන්න, පොලීසිය මතක් කරයි

April 28, 2020 at 5:34 AM


බස්නාහිර පළාත සහ පුත්තලම දිස්ත්‍රික්කය හැර දිවයිනේ සෙසු සියලු ප්‍රදේශ සඳහා ඇඳිරිනීතිය අද (28) අලුයම ඉවත් කෙරුණා. අද රාත්‍රී 8ට යලිත් දිවයිනපුරා ඇඳිරිනීතිය පැණවෙනු ඇති.
ඇඳිරිනීතිය ඉවත් කළ දිස්ත්‍රික්ක වලත් අත්‍යවශ්‍ය නොවන කටයුතු සඳහා අද හැඳුනුම්පතේ අවසාන අංකය 3 හෝ 4 ඇති අය පමණක් පිටතට යන ලෙස පොලීසිය ජනතාවට සිහිපත් කරනවා.