ගෙවත්ත වටේ ගිය කැප්ටන් ටොම් ට 100යි.සුබපැතුම් පත් ලක්ෂයකට වැඩියි.

April 28, 2020 at 5:12 PM


මේ කැප්ටන් ටොම් මුවර්.දෙවන ලෝක යුද්ධයේ විශ්‍රාමික නිලධාරියෙක්.
ඔහු වයස අවුරුදු 99දි තම ගෙවත්ත වටා ඇවිදින්න පටන් ගත්තා. ඒ 100වැනි උපන්දිනයට කලින් වට 100ක් යන පොරොන්දුව පිට. කොවිඩ්19 වෛරසය නිසා ලොක්ඩවුන් කල ඔහුගේ ගමේ අයගෙ ඉඳන් ලෝකයෙම අවධානය ඔහු වෙත යොමු වෙන්න පටන් ගත්තා.

පසුගිය අප්‍රේල් 16 දා ඔහු වට 100 අවසන් කලේ ලෝක ප්‍රසිද්දියට පත් වෙමින්. ඒ වන විට ඔහුට පවුම් මිලියන 28ක් එකතු කරන්නත් හැකිවී තිබුණා ආධාර වශයෙන්.ඔහු ඒවා එකතු කලේ බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය අරමුදල ට.
අවසානයේ ඔහු ලොව තනිපුද්ගල විශාලතම ආධාර වැඩසටහනට හිමි ගිනස් වාර්තාවටත් හිමිකම් කිව්වා
කිව්වා

මේ ලෝක ප්‍රසිද්ධියට පත් සීයා  බ්‍රහස්පතින්දා     සිය ,සියවෙනි උපන්දිනය සමරනවා.
ඒ වෙනුවෙන් ඔහුට ලැබුණු සුබපැතුම් පත් ගණන එක්ලක්ශ විසිපන් දහසකට අධිකයි.


කැප්ටන් ටොම්! ධෛර්යය ගැන ලෝකයට අලුත් පාඩමක් කියා දී තිබෙනවා.