පාසල් නිරෝධායන මධ්‍යස්ථාන කරනවාද? හමුදාපතිවරයා ගේ ගේ පිලිතුර

April 27, 2020 at 6:51 AM

කිසිදු පාසලක් නිරෝධායන මධ්‍යස්ථාන ලෙස භාවිත කිරීමට කිසිදු තීරණයක් ගෙන නැතැයි යුධහමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සහතික වෙයි.

ඒ පිලිබඳ පැතිර යන කටකතා ඔහු දැඩි ලෙස ප්‍රතික්ෂේප කරයි.

දෙරණ නාලිකාවේ උදෑසන සජීව වැඩසටහනකට එක් වෙමින් ඔහු මේ බව තහවුරු කළා.
නිරෝධායන මධ්‍යස්ථාන වල සැපයෙන පහසුකම් පාසල් තුළ සැපයීමට පවා හැකියාවක් නැති බවයි ඔහු වැඩි දුරටත් පැවසුවේ.

ඉදිරියේදී හෝ පාසල් ඒ සඳහා යොදා ගැනීමේ සැලසුමක් නැති බව හමුදාපතිවරයා සහතික විය. කොවිඩ්19 පාලනය වෙනුවෙන් කැපවෙන ත්‍රිවිධ
හමුදා සාමාජිකයින්ට රැඳී සිටීමේ පහසුකම් සැපයීම සඳහා පමණක් පාසල් ඉතා සුලු සංඛ්‍යාවක් යොදාගෙන ඇති බව හමුදාපතිවරයා පැවසුවේ පාසල් වල හමුදා සාමාජිකයින් රැඳී සිටිම ගැන මතුකල පැණයකට පිලිතුරක් ලෙසයි