අද – මේ වන විට 44ක් ආසාදිත වේ. සියලු දෙනා නාවික හමුදාවෙන්.

April 27, 2020 at 5:04 PM


අද පස්වරු 5වනවිට අලුතින් කොවිඩ්19 ආසාදිතයින් 44ක් වාර්තා වී තිබේ.ඔවුන් සියලු දෙනාම නාවික හමුදාවේ සාමාජිකයන් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
අද පස්වරු 5 වනවිට ආසාදිත මුලු ගනන 567 ක් විය.
මේ අනුව වැලිසර නාවික හමුදා කඳවුරේ 180 දෙනෙකු මේ දක්වා ආසාදිත වී තිබේ.ඔවුන්ගෙන් 112දෙනෙකු කඳවුර තුලදීත් 68 දෙනෙකු නිවාඩු ලබා ගොස් සිටියදී ත් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි