ආරක්ෂක ලේකම් වරයා මෙරට මාධ්‍යයෙන් කල ඉල්ලීම

April 27, 2020 at 8:07 PM

ඇතැම් රූපවාහිනී නාලිකාවන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පොලිස් නිලධාරීන් විසින් කොරෝනා ආසාදිතයින් සොයා ගැනීම හා ඔවුන්ට සෞඛ්‍ය උපදෙස් ලබා දීම සිදු කරන අයුරු ප්‍රවෘත්ති විකාශන, වෙනත් ප්‍රවෘත්ති ආශ්‍රිත වැඩසටහන් මගින් හා පුවත්පත්වල විශේෂාංග ලිපි මගින් ප්‍රචාරයන් ලබා දීම සිදුකරයි.
කොරෝනා වෛරස් වසංගතය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේදී මාධ්‍යවේදීන් විසින් ඉටුකරන විශිෂ්ඨ කාර්යභාරය අගය කරමින් ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න පවසා සිටියේ රෝගීන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම තුලින් ඔවුන් සෞඛ්‍ය පරීක්ෂණයන් සඳහා ඉදිරිපත් වීම දිරිමත් කරනු ඇති බවයි.
මාධ්‍ය මගින් මෙවැනි සිදුවීම් ආවරණය කිරීම තුලින් රාජකාරියේ යෙදී සිටින සෞඛ්‍ය නිලධාරීන්ද අපහසුතාවයට පත් වන බව අමාත්‍යාංශයේ අදහසයි.

එබැවින්, කොරෝනා වෛරස් ආසාදිත බවට සැක සහිත පුද්ගලයින් සොයා ගැනීමේදී සෞඛ්‍ය නිලධාරීන් සමඟ එක්ව එම ස්ථාන වලට යාමෙන් හෝ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කරනු ලබන රෝගීන්ගේ පෞද්ගලිකත්වයට හානි වන මෙන්ම මාධ්‍යවේදීන්ගේද සෞඛ්‍යආරක්ෂක හේතූන් සැලකිල්ලට ගෙන එවැනි දර්ශන වීඩියෝ ගත කිරීමෙන් වළකින ලෙස අදාළ මාධ්‍යවේදීන් දැනුවත් කරන මෙන් ආරක්ෂක ලේකම් මාධ්‍ය ආයතනවලින් ඉල්ලා සිටී.