මනාප අංක නිකුත් කිරීම මැයි 4 වැනිදා

April 26, 2020 at 6:58 AM

දැනට ගැසට් නිවේදනයක් මගින් ජූනි 20වැනිදා පවත්වන බවට නිවේදනය කර ඇති මැතිවරණයේ අපේක්ෂකයන් සඳහා මනාප අංක ලබන මැයි 4 වැනිදා නිකුත් කිරීමට සැලසුම් කර ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
ඊයේ ස්වර්ණවාහිනි නාළිකාවේ පැවැති සාකච්ඡාවකදී ඔහු සඳහන් කළේ ඊට පෙර ලබන 2දා යළි පක්ෂ නියෝජිත හමුවක්ද පැවැත්වෙනු ඇති බවයි.