උතුරු කොරියානු නායකයා ගැන අලුත්ම තොරතුර

April 26, 2020 at 9:30 AM

උතුරු කොරියානු නායක කිම් ජොං උන් ගැන සති දෙකක් තිස්සේ වාර්තාවන්නේ අපහැදිලි තොරතුරු. සැත්කමකට භාජනය කළ පසු ඔහු අසාධ්‍ය තත්ත්වයට පත්ව ඇතැයි බොහෝ බටහිර මාධ්‍ය වාර්තාකළා.
මේ අතර අද ඒ එෆ් පී පුවත් සේවය කියා සිටියේ උතුරු කොරියානු නායකයාට අයත් පුද්ගලික දුම්රිය ඔහුගේ පුද්ගලික නිවාඩු නිකේතනයක් අසල නවත්වා තිබෙන ආකාරය දක්නට තිබූ තොරතුරක් වාර්තා වූ බවයි.ඒ බව දැක්වෙන චන්ද්‍රිකා ඡායාරූපද ට්විටර් සමාජ ජාල ඔස්සේ ප්‍රචාරය වුණා.



උතුරු කොරියානු නායකයා මේ සටහනේ ඉහලින් දැක්වෙන චායාරූපයට අදාල සිය දේශපාලන මණ්ඩල රැස්වීමට පසුගිය 11වැනිදා සහභාගි වූ පසු කිසිදු ප්‍රසිද්ධ අවස්ථාවක පෙනී සිටියේ නැහැ.
මේ අතර ඉන්දීය මාධ්‍ය කිකිහිපයක් ඊයේ වාර්තා කළේ චීන වෛද්‍ය කණ්ඩායමක් උතුරු කොරියාවට පිටත් ව ගොස් ඇති බවත්, ඒ එරට නායකයාට ප්‍රතිකාර කිරීමට බවත් ය.
කෙසේ වෙතත් උතුරු කොරියානු මාධ්‍ය විසින් කිම් ජොං උන් පෙනී සිටින මේ සේයාරුව පසුගිය 12 වැනිදා පළකර තිබුණත් එහි දින වකවානු ගැන සඳහනක් තබා නැහැ.