කවුරුත් කතා කළ ඉතාලියට මොකද උණේ.?

April 25, 2020 at 9:43 AM

ඉතාලියේ කොවිඩ්19 අවදානම පසුගිය සති කිහිපය තුළ අඩු වීමේ ප්‍රවණතාවක් තිබෙනවා.
ඉතාලිය සිය පළමු කොවිඩ්19 ආසාදිතයා වාර්තාකළේ මීට දින 83 කලින්. ඉන් පසුව එරටින් විශාල ආසාදිතයින් සංඛ්‍යාවක් සහ මරණ සංඛ්‍යාවක් වාර්තා වුණා.
නමුත් මේ වන විට ඉතාලියේ තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බවයි ජෝන් හොප්කින්ස් සරසවියේ සංඛ්‍යා ලේඛන පෙන්වා දෙන්නේ.මෙය ඇමෙරිකාව අද වාර්තාකරන තත්වය හා සැසඳීමේදී පෙනෙන්නේ මේ ආකාරයටයි. කොල පැහැයෙන් ඇමෙරිකාවේ තත්වය දක්වා තිබෙනවා .
මේ චීනය ,ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය  සහ ඉතාලියේ අද තත්ත්වය  සසඳන සටහනක්.