ශ්‍රී ලංකන් ගුවන් සේවා අත් හිටුවීම දිගටම.. ඉන්දියාවේ පිරිසක් අද දිවයිනට.

April 25, 2020 at 10:24 AM

ඉන්දියාවේ මුම්බායි වෙත අද ශ්‍රී ලංකන් ගුවන් යානයක් පිටත්ව ගියා. ඒ එරට රැඳී සිටින ශ්‍රීලාංකික සිසුන් පිරිසක් නැවත  රැගෙන ඒම සඳහායි. එම යානය අද පස්වරු තුනට පමණ කටුනායක ගුවන්තොටුපලට ගොඩබැස්වීමට නියමිතයි.
කෙසේවෙතත් සිය මගී ගුවන්සේවා අත් හිටුවීම මෑයි මස 15දක්වා දීර්ඝ කළ බවත් එම ගුවන් සමාගම පවසනවා. ඒ අනුව එතෙක් ක්‍රියාත්මක වන්නේ කොවිඩ්19 වෛරස පැතිරීමට අදාළ අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහන, සහන සේවා හා හදිසි ගුවන් ගමන් පමණයි