“විදේශ රැකියාවල නිරත පිරිස් මෙරටට පැමිණීමට කරන ඉල්ලීම සලකා බැලීම කොරෝනා සම්පූර්ණයෙන්ම තුරන් කිරීමෙන් පසුව”

April 25, 2020 at 6:46 AM

මෙම අවස්ථාවේ රටට පැමිණීමට ඉල්ලීම් කිරීමෙන් වළකින ලෙස විදේශ සේවා නියුක්ති කාර්‍යංශය විගමනික සේවකයින්ගෙන් ඉල්ලා සිටිනවා.

පසුගිය දින කිහිපය පුරා ලොව රටවල් ගණනාවක සේවයේ නිරත විගමනික සේවකයින් දුරකථන වීඩියෝ පණිවුඩ මගින් ඉල්ලීම් කර තිබුණේ තමන්ව යලි මව් රටට ගෙන්විමට කටයුතු කරන ලෙසයි.

කෙසේ වෙතත් මේ අවස්ථාවේ එවැන්නක් සිදු කිරීම අපහසු බැවින් තමන් සිටින රටවලම රැඳී සිටිමින් රජයට සහයෝගය දක්වන ලෙස විදේශ සේවා නියුක්ති කාර්‍යංශයේ සභාපති වරයා ඉල්ලා සිටිනවා.

ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය සම්පූර්ණයෙන්ම තුරන් කිරීමෙන් පසුව, විදේශ රැකියාවල නිරත පිරිස් මෙරටට පැමිණීමට කරන ඉල්ලීම සලකා බලන බව ඔවුන් මෙම නිවේදනය මගින් සඳහන් කර තිබේ.

http://www.slbfe.lk/news.php?NID=332&LID=1