බස් ඔන්නම් ඉල්ලන්න! – ලංගම ඉල්ලයි

April 25, 2020 at 2:21 PM


මේ වනවිට කොරෝනා අධි අවධානම් කලාපයක් ලෙස නම්කොට ඇති කොළඹ දිස්ත්‍රික්කයෙහි ඇඳිරිනීතිය ඉවත් කරන දිනය වනවිට රජයෙහි සහ පෞද්ගලික අංශයෙහි රාජකාරී වලට වාර්තා කිරීමට නියමිත සේවක සේවිකාවන් හට විධිමත් ක්‍රමවේදයක් හරහා ප්‍රවාහන පහසුකම් සැලසීමට “ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය” විසින් සැලසුම් සකස්කොට තිබෙනවා.

රජයේ හෝ පෞද්ගලික අංශයෙහි සේවා ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් සිටින එම ආයතනයන් ශ්‍රී ලංකාගමනා ගමන මණ්ඩලයෙහි බස්රථ මගින් ප්‍රවාහන පහසුකම් සලසාගැනීමට අදහස් කරන්නේනම් එම ආයතනයන්හි නම්, එක් එක් මාර්ගයන්හි ගමන් කිරීමට බලාපොරොත්තුවන සේවක සංඛ්‍යාව සහ ආයතනයේ සම්බන්ධිකරණ නිලධාරියාගේ තොරාතුරු ඇතුලත් කර dgmoperation@sltb.lk වෙත Email පණිවිඩයක් ලබාදීම මගින් එම සේවාව ලබාගැනීම සඳහා ලියාපදිංචි වියහැකි බවයි ඔවුන් දන්වා සිටින්නේ.

මේ මගින් එම එක් එක් ආයතනයන්හි සේවයෙහි නියුතු සේවක සේවිකාවන් හට ආයතනික මට්ටමින් බස්රථ යෙදවීමට සැලසුම් සකස් කර ඇති බැවින් මේ මස 28 වන දිනට අදාළ තොරතුරු ලබාදෙනමෙන් ඔවුන් ඉල්ලා සිටිනවා.

Email මගින් අපවෙත එවන තොරතුරු මත පමණක් මෙම බස්රථ ලබාදෙන බවද වැඩිදුර තොරතුරු ලබාගැනීමට අත්‍යාවශ්‍ය කාරණයක් සඳහා පමණක් පහත අංකය අමතන ලෙසද දැනුම් දී තිබෙනවා.

0771056032
Fax – 0112505408

වැඩිදුර තොරතුරු ලංකා ගමනාගමන මණ්ඩලයේ නිළ ෆේස්බුක් පිටුවෙන් ලබා ගත හැකි බවයි ඔවුන් නිවේදනය කරන්නේ