තවත් කාලයක් දුරින් ඉන්න වෙයි

April 24, 2020 at 1:02 PM

ලෝක ජනතාවට සමාජ දුරස්ථකරණ ප්‍රමිතීන් තවත් බොහෝ කාලයක් අනුගමනය කිරීමට සිදුවනු ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා. බ්‍රිතාන්‍ය වෛද්‍යවරු පෙන්වා දෙන්නේ තවත් වසරක් වත් මෙලෙස කටයුතු කිරීමට ජනතාවට සිදුවනු ඇති බවයි.
කොවිඩ්19 වෛරසය ඉබේ යටපත් වීමක් ගැන බලාපොරොත්තු තැබිය නොහැකි බවද එම බ්‍රිතාන්‍ය වෛද්‍ය කණ්ඩායම සඳහන් කර තිබෙනවා.
මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය ද සිය නවතම තත්ව වාර්තාවේ දක්වන්නේ කොවිඩ්19 වෛරසය සමඟ ලෝකයට දිගුකලක් ජීවත්වීමට සිදුවන බවයි. එබැවින් කිසිදු අතපසුවීමකට ඉඩ නොතබන ලෙස එම සංවිධානය අවධාරණය කරනවා.