ඔබත් 51%න් කෙනෙක් ද? එහෙනම් මේක වැදගත්

April 24, 2020 at 7:41 AM

කොවිඩ්19 වෛරසය සහ දුම්බීම අතර පවතින්නේ අවදානම් සහගත සම්බන්ධතාවක්.ඒ දුම්පානයේදී අපේ ශ්වසන පද්ධතිය දුර්වල වීම,අත මුහුණට ආසන්න වීම නිසා අවදානම ඉහළ යාම,දුම්වැටි හවුලේ පාවිච්චි කිරීමෙන් සමාජ දුරස්ථකරණ ප්‍රමිතීන් ක්‍රියාත්මක නොවීම වැනි හේතු රැසක් නිසා.
කෙසේ වෙතත් මේ වන විට අපේ මෙරට දෛනික දුම් බොන්නන් 34% ක් පමණ ඉන් මිදී අවසන්. රටේ පවතින නීති, ඇඳිරිනීතිය පණවා තිබීම, නිවෙස්වලට වී සිටීම ඊට බලපෑ තවත් කරුණු කීපයක්. මේ අතරතුර තවත් 51% දෙනා ඉන් මිදීමට උත්සහකරමින් සිටින බවත් සමීක්ෂණ වාර්තා පවසනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය මේ අයට වැදගත් උපක්‍රම කීපයක් යෝජනා කරනවා.
1. දුම්වැටියක් අවශ්‍ය වන වේලාව හැකිතරම් කල් දමන්න.
2.දුම්වැටියක අවශ්‍යතාව මඟහැරීමට ගැඹුරු හුස්ම 10කට හැකි බව ඔබ දැන සිටියාද ?
3.දුම්වැටියක් හිත ඉල්ලන විට ජලය පානය කරන්න.
4.වෙනත් දේකට හිත යොදවන්න ,ඇවිදින්න ,සංගීතයට සවන් දෙන්න, පොතක් කියවන්න; අද ලෝක පොත් දිනය නිසා හොඳ ආරම්භයකටත් අවස්ථාව තිබෙනවා.