පී සී ආර් පරීක්ෂණ දහසක් දිනකට සිදුකිරීමට පුද්ගලික රෝහල් වල සහය

April 23, 2020 at 4:02 PM

දිනකට පීසීආර් පරීක්ෂණ 1000ක් පමණ සිදුකොට කොවිඩ්19 ආසාදිතයින් හඳුනාගැනීමේ වැඩපිලිවෙල පුළුල් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවරගෙන තිබෙනවා .
ඒ මෙරට පුද්ගලික රෝහල් වලද සහයෝගය ලබාගනිමින්. අද මේ සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවකදී පුද්ගලික රෝහල් නියෝජිතයන් තම සහය ඊට ලබා දීමට එකඟ වී තිබෙනවා.
දැනට රජය මගින් සිදු කරන දෛනික පීසීආර් පරීක්ෂණ ගණන 800ක් පමණ වනවා.

අද රජයේ වෛද්‍ය නිලධාරී සංගමයද ජනපති වෙත ලිපියක් යොමු කරමින් පරීක්ෂණ පුළුල් කිරීම ප්‍රමාද වීම ගැන අවධානය යොමුකර සිටියා.