ව්‍යවස්ථා අර්බුද එපා..! කරු කියයි

April 23, 2020 at 9:44 AM

හිටපු කතානායක කරු ජයසුරිය මහතා අද සිය ට්විටර් ගිණුමේ මෙම සටහන තබා තිබේ.                          ” කොරෝනා අර්බුදයට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවට තවත් ව්‍යවස්ථා අර්බුදයක් අනවශ්‍යය. එබැවින්, මවිසින් ඒකපාර්ශිකව පාර්ලිමේන්තුව රැස් කරනු ඇතැයි යන්න සම්පූර්ණයෙන්ම අසත්‍ය වේ. අර්බුදයක් වැළැක්වීමට විධායකය කටයුතු කළ යුුතු වේ. යම් මතභේදයකදී, අධිකරණයේ නියෝගය ගරු කිරීමට මම බැඳී සිටිමි.” මේ අතර අගමැතිවරයා ,හිටපු විපක්ෂනායකවරයා   සහ කතානායකවරයා අද ව්‍යවස්ථා සභා රැස්වීමක් සඳහා සහභාගි වෙයි.