ෆ්‍රී ඩේටා වංචාවට අහුවෙන්න එපා.!

April 23, 2020 at 1:36 PM

මේ දිනවල සමාජ ජාල මාධ්‍ය ඔස්සේ නොමිලේ ඩේටා ලබාදෙන බවට පැතිරයන පණිවුඩ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය අවධානය යොමුකර තිබේ.ඒවා සම්බන්ධයෙන් ඉහල අවදානම් තත්ත්වයක් ප්‍රකාශයට පත් කරන එම ආයතනය නොමිලේ ඩේටා ලබා දෙන ආයතන ගැන විමසිල්ලෙන් කටයුතු කරන ලෙස ඉල්ලයි.නැතහොත් තම සංවේදී පුද්ගලික තොරතුරු තෙවන පාර්ශ්වයන්ගේ බලපෑමට ලක් විය හැකිබවට ඔවුන් අනතුරු ඇඟවීමක් කරයි.