පිටරට අය ගැන බිමල් අගමැතිට කියයි

April 23, 2020 at 3:10 PM

විදේශ රටවල වෙසෙන ලාංකිකයින් ගැන අගමැතිවරයා ගේ අවධානයට යොමුකල බව ජවිපෙ හිටපු මන්ත්‍රී බිමල් රත්නායක පවසයි .

“විශේෂයෙන්ම කුවේට්, කටාර්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු රටවල්වල ආණ්ඩු වලින් ශ්‍රී ලංකාවට එම එම පිරිස් නොමිලේ ගෙන්වා දීමට තිබෙන සූදානම ගැනත්,
දැනට රැකියා අහිමිවීම නිසා තමන්ගේ කාමර කුලිය ගෙවා ගැනීමට ඇති නොහැකියාව පිළිබඳවත්, සුළු රෝගී තත්ත්වයක් වාර්තා වුවද සමහර නිවෙස් වලින් නෙරපා දැමීමට ලක් වීමේ ගැටලුවත්,පාස්පෝට් නොමැති වීම සහ කල් ඉකුත් වීම නිසා නව පාස්පෝට් ලබා ගැනීමේ අවශ්‍යතාවයත් ඇතුළු කරුණු ඉදිරිපත් කරන ලදී.

එමෙන්ම විදෙස් රටවල සිටින ශ්‍රී ලාංකේය සිසු සිසුවියන් ගෙන්වා ගැනීමේදී ගුවන් ටිකට් පත් සඳහා දෙගුණයකට තෙගුණයකට ආසන්න මුදලක් ගෙවීමට සිදුවීම නිසා එම සිසුන් සහ දෙමාපියන් අප වෙත ඉදිරිපත් කර තිබූ ගැටලුවත් ඇතුළු ගැටලු අග්‍රාමාත්‍යවරයා වෙත ඉදිරිපත් කරන ලදී.”