ජංගම වෙළෙඳුන්ට පොලීසියෙන් උපදෙස් 9ක්

April 22, 2020 at 9:45 PM

මෙම උපදෙස් ක්‍රියාත්මක නොකරන වෙළෙඳුන් ගේ ඇඳිරි නීති බලපත්‍ර අහෝසි කරන බව ද පොලිස් දෙපාර්තමේන්තුව දන්වා සිටී.

ඒ අනුව

1.පිරිසිදු ඇඳුමින් සැරසී සිටීම

2. පා වැසෙන පරිදි සුදුසු පාවහන් පැළඳීම

3.මුව ආවරණ හා අත් ආවරණ පැළඳීම

4.විෂබීජානුහරණ දියර භාවිතා කිරීම

5.ආහාර අතින් ඇල්ලීමෙන් වැළකීම‚සුදුසු උපකරණ භාවිතය

6.කවර හෝ වෙනත් අාවරණ තුළට දමා අළෙවි කිරීම

7.මුදල් ස්පර්ශ කිරීමෙන් පසු එම අතින්ම භාණ්ඩ , ආහාර ස්පර්ශ කිරීමෙන් වැළකීම

8.ආහාර මිලදී ගැනීමට එන අයට ඒවා ඇල්ලීමට ඉඩ නොදීම
9.ගැනුම්කරුවන් රැඳී සිටීමේදී  මීටරයක පරතරය පවත්වාගෙන යෑම

කළ යුුතුය