පරිසරවේදී නීතීඥ ජගත් ගුණවර්ධන ට ආචාර්ය උපාධියක්

November 22, 2020 at 12:26 PM

පරිසර නීතිය පිළිබඳ විශාරදයෙකු වන නීතිඥ ජගත් ගුණවර්ධන මහතාට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ගෞරව ආචාර්ය උපාධියක් ප්‍රදානය කර තිබේ .

 

රටේ පවතින වත්මන් තත්වය හමුවේ විශ්ව විද්‍යාලීය පාලක සභාවේ සහ සනාථන සභාවේ විශේෂ අනුමැතිය මත උප කුලපති ජේ්‍ය්ෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා විසින් ආචාර්ය උපාධිය ප්‍රධානය කළේ කෙටි උත්සවකදී යි.

දිසානායක ලියනගේ ජගත් චතුරදේව ගුණවර්ධන, එනම් පරිසරවේදී ජගත් ගුණවර්ධන කියූ සැනින් රටක් හඳුනන මේ සොඳුරු මානවහිතවාදියා දශක ගණනක් පුරා රට වෙනුවෙන් කළ මෙහෙයට ආචාර්ය උපාධියක් ප්‍රධානය කිරීම සුදුසු බව ව්‍යවහාරික විද්‍යා පීඨයට යෝජනා කර ඇත්තේ මහාචාර්ය හිරාන් අමරසේකර විසින්.

ඊට විද්වත් කමිටුව ඇතුළු ආචාර්ය මණ්ඩලයේත්, සනාථන සභාවේත්, පාලක සභාවේත් අනුමැතිය හිමිව තිබෙනවා.

කෘෂි විද්‍යාව පිළිබඳව උසස් අධ්‍යාපනය හදාරන ලද ජගත් ගුණවර්ධන මහතා ඉන් පළමු පෙළ සාමාර්ථයක් ලබා ආචාර්ය උපාධිය දක්වා ඉගැනීමට 1984 දී ඇමරිකාවට යෑමට පවා ශිෂ්‍යත්වයක් ලබා තිබූ නමුත් ඔහු එය ප්‍රතික්ෂේප කර තිබුණා