විවාහ උත්සවය ගැන සමාජ මධ්‍යයේ පොස්ට් පලකළ අයට එරෙහි හිටපු ඇමති රාධාක්‍රිෂ්ණන් ගෙන් පොලිසියට පැමිණිල්ලක්

October 30, 2020 at 8:41 PM

නිරෝධායන ඇඳිරි නීතිය කඩ කරමින් කොළඹ ප්‍රධාන පෙලේ හෝටලයක පැවති විවාහ උත්සවයක් සම්බන්ධයෙන් තමන්ගේ නම ඈදා ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ පලවූ ප්‍රචාරණයන් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය වි.රාධාක්‍රිෂ්ණන් පොලිසිය හමුවේ පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා.

කොළඹ ප්‍රධාන පෙලේ හෝටලයක පැවතියේ හිටපු අමාත්‍ය වී. රාධාක්‍රිෂ්ණන් ගේ පුත්‍රයාගේ විවාහ උත්සවය බව කියමින් සමාජ මාධ්‍ය ජාලා රැසක තොරතුරු පළවී තිබුණා.

newswire වෙබ් අඩවිය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් තිවාහරන් රාධාක්‍රිෂ්ණන් අද දිනයේ පැවති විවාහ උත්සවයට සිය පවුලේ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.

කොළඹ රාමඩා හෝටලයේ අද පැවති විවාහ උත්සවය නතර කිරීමට පොලිසිය ක්‍රියා කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටියා.

මෙම විවාහ මංගල උත්සවය සඳහා අමුත්තන් 35 දෙනෙකු සහභාගිවී සිටියා. දැඩි නිරෝධායන ඇඳිරි නීතියක් පනවා මොහොතක විවාහ මංගල උත්සවයක් පැවැත්වීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ.