කොවිඩ්19 අර්බුදය සමඟ ලෝක හැසිරීම කෙසේ විය යුතුද යන්න ගැන රජයේ හිටපු ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් සහ ප්‍රවීණ ජන සංනිවේදන විද්වතෙකු වන ආචාර්ය රංග කලංසූරිය මෙලෙස සටහන් කරනවා.
“කොරෝනා වසංගතය පළමුවෙන් සෞඛ්‍ය අර්බුධයක් වුණත් දැන් එය වඩාත් සංකීර්ණ වී තිබෙනවා. මේ වසංගතය නිසා ඇති වූ දේශපාලන, ආර්ථික හා සමාජයීය ගැටලු ද සෞඛ්‍ය ගැටලු හා සමාන තත්ත්වයට පත්වෙමින් තිබෙනවා.
කොවිඩ් – 19 වයිරසයේ ගෝලීය ක්රියාකාරීත්වයේ ස්වරූපය පසුගිය සති කිහිපය තුළ ඉතා සීඝ්රයෙන් වෙනස්වීමට භාජනය වුණා.
ලෝකය පුරා සියලු රාජ්‍යයන් වලට තම ජනතාව ආරක්ෂා කිරීමේ අරගලයක නිරතවීමට සිදුවෙලා. මාරාන්තික වයිරසය පැතිරීම වළක්වන්න, බලපෑමට ලක් වූ සිය ගණනක් හෝ දහස් ගණනක් රැකබලාගැනීමට, අන් අය නිරෝගීව තබාගැනීමට, ඒ වගේම ආර්ථිකය කඩා නොවැටී අවම මට්ටමක හෝ පවත්වාගනෙ යාමට සහ වඩා වැදගත් වසා දැමීම් යළි විවෘත කිරීමට හෝ එම ස්ථාන නිදහස් කිරීමට ඔවුන්ට සිදුව තිබෙනවා. මේ කිසිම උත්සාහයක් වත්මන් රජයයන් ජනප්‍රිය වන්නට හේතු වෙන්නේ නැහැ. මේ සියලු අභියෝගයන්ට ඉහළින් මැතිවරණයක් පැමිණිවිට දේශපාලන සටන කෙසේ වෙනු ඇත්ද ? සිතා බලන්න. ඉදිරි මාස තුන ඇතුළත මැතිවරණයක් පැවැත්වීමේ අභියෝගයට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් හයක් මුහුණ දී සිටිනවා.
තීරණාත්මක මැතිවරණයක් පැවැත්වෙන අවස්ථාවක දී මෙවන් ව්‍යසනයකට මුහුණදීමට සිදුවනු ඇතැයි කිසිම දේශපලඥයකු සිහිනෙකින් හෝ නොසිතන්නට ඇති. සති තුනකින් මැතිවරණයකට මුහුණ දීමට සිටින සර්බියාවේ ජනාධිපති වුසික්ට වගේම ආර්ථිකය විනාශවෙමින් යන මොහොතක සිය ජනප්‍රියත්වය පවත්වාගෙන යාමට අරගලයක නිරතවන ජානාධිපති ට්‍රම්ටත් මෙය එකසේ අදාලයි. එක්සත් ජනපදය ඇතුළුව බොහෝ රටවල ආර්ථිකයට එකම විසඳුම වී ඇත්තේ මුදල් අච්චු ගැසීම. නමුත් මෙය ජනාධිපති ට්‍රම්ප්ට කෙසේ වෙතත් අන් රාජ්‍ය නායකයන්ට දිගු කාලීනව සැළකූ විට තමන්ගේ ම මිනී වළ කපා ගැනීමක් හා සමානයි. නමුත් විකල්ප කිසිවක් ඉතිරිව නැහැ.
ලෝකය වෙලාගත් ආර්ථික අර්බුදය හැරුණු විට ගෝලීය දේශපාලනයේ දී එකිනෙකාට දෝශාරෝපනය කරගැනීමේ නාට්‍යමය ස්වරූපය වඩාත් තැතිගන්නවන සුළු ක්‍රීඩාවක් බවට පත්ව තිබෙනවා. විශේෂයෙන් ම චීනය මේ රෝගයේ දී විනිවිදභාවය ආරක්ෂා කළේ නැතැයි චෝදනා එල්ල වී තිබෙනවා. මෙය වසංගත තත්ත්වයට පත්වන තුරු බාහිර ලෝකයෙන් කරුණු වසං කරගෙන සිටි බවටත් අනතුරු ඇඟවීම ප්‍රමාද කළ බවටත් ඔවුන්ට චෝදනා එල්ල කෙරෙනවා.
එය සත්‍යයක් විය හැකියි. එසේ වුව ද පුද්ගලයන් සහ ආණ්ඩු එක සමානව ම වැරදි කරනවා. එහෙත්, ඇත්ත වශයෙන් ම මිලියන ගණනකගේ ජීවිත මිල කරන්න බැහැ කියා කෙනෙකුට තර්ක කරන්න පුළුවන්. එය ගණනය කළ හැකි වැරදීම් සමග සමානකළ නොහැකියි.
කෙසේ වෙතත්, දැන් සියල්ල සිදුවී අවස්. එකිනෙකාට දෝශාරෝපනය කිරීමේ ක්‍රීඩාවෙන් අහිමිවූ ජීවිත දැන් යළි ලබාගත නොහැකියි. එසේම එකිනෙකාට චෝදනා කිරීමෙන් මේ ගොලීය වසංගතයට විසඳුමක් සොයන්නට බැහැ.
සෞඛ්‍ය ආධාර සැපයීමට, සෞඛ්‍ය ප්‍රතිපත්ති සංවර්ධනය කිරීමට, මූල්‍ය සහන ලබාදීම ඇතුළුව විවිධ කාර්යයන් සම්බන්ධීකරණය කිරීම සඳහා ගෝලීය වැඩපිළිවෙලක් දැන් ලෝකයට අවශ්‍යව තිබෙන බව ඉන්දුනීසියාවේ අන්තර් පාර්ලිමේන්තු සහයෝගීතා කමිටුවේ සභාපති ෆැඩි සොන් පවසනවා. පසුගිය දිනක වියට්නාමය, මැලේසියාව, ඉන්දුනීසියාව සහ දකුණු කොරියාව යන කලාපීය රටවල අමාත්‍යවරුන්ගේ අන්ර්ජාලය ඔස්සේ සිදුකළ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා. ”කොරෝනා වසංගතය ලෝකයේ ස්වභාවය වෙනස් කිරීමට ඉඩ තිබෙනවා. සියලුම රටවල් බහුපාර්ශවීය සහයෝගීතාවයෙන් කටයුතු කිරීම අවශ්‍ය වෙනවා.” යැයි ඔහු පවසනවා.
නිදසුනක් ලෙස, අපට තිබෙනවා ද සාර්ථත්වය පිළිබඳ කතිකාවතක්. ලෝකයේ වෙනත් කොතනක හෝ. ? ආසියාවෙන් අපට සොයාගත හැකි සාර්ථකත්වය පිළිබඳ හොඳම උදාහරණ හොං කොං සහ සවුත් කොරියාවෙන් අපට සොයා ගත හැකියි. අපේ මාධ්යයතුළ පසුගිය සතියේ දකුණු කොරියාවේ පැවති මැතිවරණය පිළිබඳ වාර්තාවලින් පිරී තිබුණා.
බොහෝ විට මෙහි මැතිවරණය පැවැත්වීමට ඇති අදහස වර්ධනය කිරීමේ උත්සාහයක් ලෙස විය හැකියි. නමුත් කොරියාව මැතිවරණයක් පැවැත්වීමට තරම් වසංගතය හමුවේ ලබා ඇති සාර්ථකත්වයේ රහස අපේ මාධ්‍යය අපට පැවසුවා ද ? ඇතැම්වට මාධ්‍ය ආයතනවටල මේ සාර්ථකත්වය ගැන උනන්දුවක් නැතිව ඇති.
දකුණු කොරියාවේ සාර්ථකත්වයට ප්‍රධාන කරුණු තුනක් තිබුණා. වසංගතය වාර්තා වූ මොහොතේ සිටම ඔවුන් ප්‍රජාව තුළ වයිරසය තිබේදැයි හැකිතාක් පරීක්ෂණ සිදුකළා. හැමවිටම ජනතාව දැනුම්වත් කළා ඔවුන්ගේ සහයෝගය වයිරසයට ව්‍යාපත්වීම වැළැක්වීම සඳහා උපරිමයෙන් ලබාගත්තා. වර්ධනය සහ මර්ධනය පිළිබඳ පූර්ණ විනිවිදභාවයක් සහතික කළා. ගෝලීය යාන්ත්‍රණයන් සම්බන්ධීකරණය කිරීමෙන් තොරව අපි කොහොම මේ විශිෂ්ඨ භාවිතයන් පිළිබඳ
ඉගෙන ගන්නේ ?
මේ අවස්ථාවේ දී අපට අවශ්‍ය වන්නේ ගෝලීය වශයෙන් මේ වසංගතයට ප්‍රතිචාරයක්. ශ්‍රී ලංකාව වැනි තනි තනි රටවලට වයිසරයට එරෙහිව සටන් කිරීමේ හැකියාව ඇතත් ගෝලීයකරණයවූ ලෝකයක් පුරා පැතිරගිය වයිරසයට ගෝලීය ප්‍රතිචාරයක් නැත්නම් එම උත්සාහය නිෂ්පල වීම වළක්වන්නට නොහැකි වේවි.
ආර්ථික අර්බුදය මේ සෞඛ්‍ය අර්බුදයට වඩා බරපතල විය හැකි බව අපට අමතක කළ නොහැකියි. සමාජයට ඉතා දරුණු බලපෑමක් එල්ලකරන ආර්ථික අර්බුදය හමුවේ කිසිම තනි රටකට තම ආර්ථිකය නංවාලීමට නොහැකි වේවි.
අපි දැනටමත් රටවල් කිහිපක ම සමාජ නොසන්සුන්තාවක් දකිනවා. මේ නිසා ගෝලීය වශයෙන් දක්වන ප්‍රතිචාර සෞඛ්‍ය ක්ෂේත්රයට පමණක් සීමා නොකර සියලු අංශවලට එකසේ විසඳුම් ලබාදෙන විසඳුම් මාලාවක් වීමේ අවශ්‍යතාව දැනටමත් තදින් දැනෙමින් පවතිනවා.
ගෝලීය ප්‍රතිචාර සඳහා ගෝලීය නායකත්වයක් අවශ්‍ය වෙනවා.
හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ පසුගිය දිනක ඉන්දියානු මාධ්‍යයට පැවසූ ආකාරයට පසුගිය දශක කිහිපයේ දී සිදුවූ ඇතැම් ගෝලීය විපත්වල දී ගෝලීය නායකත්වයන් කිහිපයක් මතුවී ඇති බව අපට නිරීක්ෂණය කළ හැකි වනවා. නමුත් දැන් ලෝකය මුහුණ පා සිටින කොරෝනා වසංගතයෙන් ඇතිවූ අර්බුදයට එරෙහි සටනේ දී දේශපාලන හා ආර්ථික භාරකාරීත්වයක් සම්බන්ධයෙන් අප තවමත් එවැන්නක් දැක නැහැ.
මගේ පුද්ගලික මතයනම්, ලෝකයේ ප්රමුඛ පෙලේ නායකයන් සහ ආයතන සියල්ලම ඔවුන්ට මෙතෙත් තිබූ විශ්වසනීයත්වය අහිමි කරගෙන තිබෙනවා. නැතිනම් ඔවුන්ගේ පෞරුෂත්වය අහිමිකරගෙන තිබෙනවා. ගෝලීය නායකත්වයක ගුණාංග සහිත ලෝකයේ විශ්වාසය සහ ගෞරවය දිනාගත හැකි නායකයෙක් බටහිර ලෝකයේ සිටිනවා යැයි කියා මා සිතන්නේ නැහැ. ලෝක සෞඛ්‍ය සංවිධානය මෙවැනි තත්ත්වයක් පාලනය කිරීමට න්‍යායපත්‍රයක් නැහැ. ගෝලීය වසංගතය හා කටයුතු කිරීමේ දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ භූමිකාව හා එම සංවිධානය මුල් අවස්ථාවේ කටයුතු කළ ආකාරය පිළිබඳ මේ වනවිට ප්‍රශ්න කරමින් පවතිනවා. මෙවැනි අවස්ථාවක දී පූර්ණ බලය ඇති බහුපාර්ශවීය ආයතනය වන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය වුවත් එහි මැදහත්වීමක් දකින්නට ලැබෙන්නේ නැහැ. මගේ අදහසට අනුව අපට අවශ්‍යයි එක්සත් ජාතීන්ගේ සංවිධානය මීට වඩා වෙනස් ආකාරයෙන් වැඩ කරනවා දකින්න. කොෆි අනන් හෝ බෑන් කී මූන් සිටි කාලයේ දී වගේ.
මාර්තු මාසයේ මැද දිනක දකුණු ආසියානු රටව රාජ්‍ය නායකයන් කැඳවා අග්‍රාමාත්‍ය මෝදි යම් යම් ශක්තිමත් ක්‍රියාමාර්ග ගත් අවස්ථාවේ දී අප කලාපීය වශයෙන් යම් නායකත්වයක් දුටුවා. නමුත් අපට ශක්තිමත් නායකත්වයක් සමඟ ඉතා හොඳ සහයෝගයක් අවශ්‍ය වෙනවා.
ඇතැම්විට මම තර්ක කරණවා. අවම වශයෙන් චීනය ඉදිරියට පැමිණ ගෝලීය වශයෙන් මැදිහත්වී මේ හානිය අවම කිරීමට සහ පාලනය කිරීමට කටයුතු කරමින් තම ප්‍රතිරූපය යළි ප්‍රතිනිර්මාණය කරගත යුතුයි. චීනය ගෝලීය නායකයකු බවට පත්වීමට අපේක්ෂා කරනවානම් සත්‍යවශයෙන් ම මෙය ඔවුන්ට ලැබුණු ඉතා අද්විතීය අවස්ථාවක් වනවා.
එසේ නම්, චීනයට අනුගමනය කළ හැකි උපායමාර්ග දෙකක් තිබෙනවා. පළමුවැන්න ද්විපාර්ශවීය හා බහුපාර්ශවීය වශයෙන් සෞඛ්‍ය අංශයේ විශාල ආයෝජනයක් කිරීම. එය ලෝක සෞඛ්‍ය සංවිධානයට වාර්ෂිකව දක්වන දායකත්වය ඇමෙරිකානු ඩොලර් මිලියන 40 සිට 70 දක්වා ඉහළ දැමීම වැනි සංකේතාත්මක දෙයක් නොවිය යුතුයි. එය ඇමෙරිකානු ඩොලර් මිලියන 400ක මුදලක් ආපසු ගැනීම හා සංසන්දනය කිරීමක් ද විය යුතු වනවා. ඒ වගේ ම ද්විපාර්ශවීය ලෙස චීනයට ආසියාවේ, අප්‍රිකාවේ මෙන්ම තවත් රවටල ක්‍රියාකාරී ආයෝජකයකු විය හැකියි. චීනය මේ රටවල් සමග මිත්‍රත්වය ඉහළ නංවා ගැනීමට ආර්ථික සහෝදරත්වය භාවිතා නොකරන්නේ ඇයි ? (මෙය කළ යුතු වන්නේ මුඛ ආවරණ සහ ශ්වසන උපකරණ කිහිපයක් පරිත්‍යාග කිරීමෙන් නොවෙයි) ඇයි ඔවන් මේ මාර්ගයට ප්රවේශවීමට මේ අවස්ථාව භාවිතා නොකරන්නේ.
ජාත්‍යන්තර මූළ්‍ය අරමුදල සහ ලෝක බැංකුවේ චින ආකෘතිය වන ආසියානු යටිතල පහසුකම් සංවර්ධන බැංකුව මගින් හානියට පත් වූ රටවලට සහන සැළසීමේ වඩපිළිවෙනලක් සළකා බැලිමට හැකිද ?
මේ සඳහා වන දෙවැනි ක්‍රමෝපාය වන්නේ රාජ්‍ය තාන්ත්‍රික උපායමාර්ගයක් ලෙස සියලුම ආකාරවලින් සියලු මට්ටම්වල දී සහෝගීතාව වර්ධනය කරගැනීමේ මර්ගයකට ප්රවිශ්ඨ වීමයි. සමාජ මාධ්‍ය ජාලාවලින් එන සුළු විවේචනවලට ‘ආක්‍රමණශීලී ප්‍රතිචාර’දැක්වීමේ වර්තමාන උපායමාර්ගය ගෝලීය නායකයකු ලෙස සිය ප්‍රතිරූපය නැවත ගොඩනගා ගැනීමට මේ මහා ජාතියට උපකාරී වන්නේ නැහැ. වැරදි පිළිගැනීම ඒවා සමඟ සටන් කිරීමට වඩා හොඳයි. සමාව දීමට හා අමතක කිරීමට ලෝකය හැමවිටම සූදානම්ව සිටිනවා. ඒ නිසා චීනය වැනි රටකට යක්ෂයකු වීමට වඩා පහසුවෙන් ගැළවුම්කරුවෙකු විය හැකියි. එබැවින් මේ ගැන චීනය උපායශීලීව සහ ප්‍රවේශම් සහගතව සිතා බලන්නේ නම් මෙය ඔවුන්ට ලැබුණු ඉතාමත් අනගි අවස්ථාවක් වනවා.”
ආචාර්ය රංග කලංසූරිය
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ජනරාල්