මෙරට පාර්ලිමේන්තුවෙන් ජනාධිපතිවරයෙකු තෝරා ගැනීම පිළිබදව මීට පෙර එක් අද්දැකීමක් තිබුණත් මෙවර විශේෂත්වයක් තියෙනවා.
මීට පෙර 1993 වසරේ හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතාගේ අභාවය නිසා එවකට වැඩබලන ජනාධිපති ඩී.බී විජේතුංග මහතා ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ඉතිරි ධුර කාලය සදහා තේරී පත් වුනේ ඒකමතිකව එනම් ඡන්ද විමසීමක් නොමැතිවයි.
නමුත් මෙවර අපේක්ෂකයන් කිහිප දෙනෙකු ඉදිරිපත් වන බව දැනටමත් පවසා ඇති නිසා එසේ වුවහොත් ඡන්ද විමසීමක් පැවැත්වීමට සිදුවනවා.
ඒ අනුව එය මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයට නවමු අත්දැකීමක් වනු ඇති.
ධුර කාලය අවසන් වීමට පෙර ජනාධිපතිධුරය හිස් වුවහොත් පාර්ලිමේන්තුවෙන් නව ජනාධිපතිවරයෙකු තෝරා ගැනීමේ ක්‍රියා පටිපාටියට අදාළ කරුණු දක්වලා තියෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ 1981 අංක 2 දරන ජනාධිවරයා තෝරා පත්කර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනතෙයි. මේ අනුව මෙහි දක්වා ඇති සියලු කටයුතු පියවරෙන් පියවර එම පනතේ දක්වා තියෙනවා.
19 වැනිදා සිදුවන්නේ මොනවාද?
ජනාධිපති ලෙස තේරීපත් වුවහොත් ධුරය දැරීමට කැමති බවට ලිඛිත එකගත්වය කලින් අවශ්‍යයි…
එක් මන්ත්‍රීවරයෙකුගේ නමක් පමණක් යෝජනා උනොත්..??
යම් ආකාරයකින් එක් මන්ත්‍රීවරයෙකුගේ නමක් පමණක් යෝජනා කර, ස්ථීර කළහොත්, එම මන්ත්‍රීවරයා පුරප්පාඩු වී තිබෙන ජනාධිපති ධුරය සඳහා පාර්ලිමේන්තුව විසින් තෝරා පත්කරනු ලැබ තිබෙන බව එදිනම මහලේකම්වරයා විසින් ප්‍රකාශයට පත් කරනවා. ඒ අනුව ඉක්මනින් මෙම කටයුත්ත අවසන් වෙනවා (1993 දී ඩී.බී විජේතුංග ජනාධිපතිවරයා පත්වුනේ මේ ආකාරයටයි)
20 වැනිදා මොනවද සිදුවන්නේ?
ඡන්ද විමසීම පැවැත්වෙන්නේ කොහොමද?
ඡන්ද පත්‍රිකාව ලකුණු කරන්නේ කොහොමද?
අපේක්ෂකයාගේ නම |
මනාපයේ අනුපිළිවෙළ |
අ. (අපේක්ෂකයාගේ නම) |
|
ආ. (අපේක්ෂකයාගේ නම) |
|
ඇ. (අපේක්ෂකයාගේ නම) |
|
ඡන්දය ගණන් කොට ජයග්‍රාහකයා ප්‍රකාශයට පත් කරන්නේ කොහොමද? ජයග්‍රහණය සදහා ඡන්ද 113 ක් ලබා ගත යුතුද?