“ජනාධිපති සමාව” ලබාදීම යන මාතෘකාව අද දවසේ මෙරට තුල අසන්නට, අහන්නට ලැබෙන වචනය වී තිබෙනවා. සත්‍ය වශයෙන්ම ” ජනාධිපති සමාව” ලබාදීම යන්නෙහි තේරුම කුමක්ද ?
මේ නීතිඥ උපුල් කුමාරප්පෙරුම සිදුකළ පැහැදිලි කිරීමයි..
ජනාධිපතිවරයාට වරදකරුවෙකුට සමාව ප්‍රධානය කිරීමේ බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වගන්තියේ දක්වා ඇත. ව්‍යවස්ථාවේ 34 වගන්තිය ප්‍රකාරව වරදකරුවෙකුට පූර්ණ සමාවක් ප්‍රධානය කිරීම මෙන්ම නීතිමය කොන්දේසි සහිතව සමාවක් ප්‍රධානය කිරීමට ජනාධිපතිවරයාට හැකිය. එසේම දණ්ඩන නියමයන්වල ස්වභාවය වෙනස් කිරීමටද ජනාධිපතිවරයාට හැකිය.
එහෙත් මරණීය දණ්ඩනය නියම වූ අයෙකු සම්බන්ධයෙන් සමාව ප්‍රධානය කිරීමේදී එම නඩුව ඇසූ විනිසුරන්ගේ වාර්තාවක් ජනාධිපතිවරයා විසින් කැඳවිය ලැබිය යුතු අතර, එම වාර්තාව නීතිපතිවරයා වෙතට යොමුකොට ඔහුගෙන් උපදෙස් ලබා ගත යුතුය. එම උපදෙස් වාර්තාව ඉන්පසු අධිකරණ ඇමතිවරයා වෙතට යොමු කොට සමාව ප්‍රධානය සඳහා ඔහුගේ නිර්දේශයන් ලබා ගත යුතුය.
ජනාධිපති සමාව වරදකරුවෙකුට ප්‍රධානය කරනු ලබන්නේ මේ ක්‍රියාවලියෙන් පසුවය. ජනාධිපතිවරයාට මේ සඳහා අභිමතයක් ඇත, නීතියේ අභිමතය ක්‍රියාත්මක කලයුතු ආකාරය ගැන දක්වා ඇත. අභිමතය නීත්‍යානුකූලව ක්‍රියාත්මක කල යුතු අතර එය අත්තෝනමතික නොවිය යුතුයැයි නීතියෙහි කියැවේ. අභිමතය අත්තනෝමතිකව හෝ අධිකරණමය නොවන ආකාරයකින් භාවිතා කර ඇත්නම් එය අභියෝගයට ලක්කල හැකිය. රෝයල් පාක් ඝාතන නඩුවේදී සිදුවූයේ එය වන අතර එම නඩුව දැන් විභාගවෙමින් පවතී.
.
Grant of pardon.
34. (1) The President may in the case of any offender convicted of any offence in any court within the Republic of Sri Lanka –
(a) grant a pardon, either free or subject to lawful conditions ;
(b) grant any respite, either indefinite for such period as the President may think fit, of the execution of any sentence passed on such offender ;
(c) substitute a less severe form of punishment for any punishment imposed on such offender ; or
(d) remit the whole or any part of any punishment imposed or of any penalty or forfeiture otherwise due to the Republic on account of such offence:
Provided that where any offender shall have been condemned to suffer death by the sentence of any court, the President shall cause a report to be made to him by the Judge who tried the case and shall forward such report to the Attorney-General with instructions that after the Attorney-General has advised thereon, the report shall be sent together with the Attorney-General’s advice to the Minister in charge of the subject of Justice, who shall forward the report with his recommendation to the President.
(2) The President may in the case of any person who is or has become subject to any disqualification specified in paragraph (d), (e), (f), (g), or (h) of Article 89 or subparagraph (g) of paragraph (1) of Article 91 –
(a) grant a pardon, either free or subject to lawful conditions, or
(b) reduce the period of such disqualification.
(3) When any offence has been committed for which the offender may be tried within the Republic of Sri Lanka, the President may grant a pardon to any accomplice in such offence who shall give such information as shall lead to the conviction of the principal offender or of any one of such principal offenders, if more than one.
උපුල් කුමරප්පෙරුම