බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් මහා රැජිණ අද දහවල් සිය දිවි ගමනට සමුදුන් බව බකිංහැම් මාලිගාව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කර සිටියා.
96 හැවිරිදි වියේ පසුවූ බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් රැජිණ ස්කොට්ලන්තයේ පිහිටි බැල්මෝරාල් මාලිගයේදී අභාවප්‍රාප්ත වූ බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
1953 වර්ෂයේ ජුනි මස 02 වෙනිදා ඇය බ්‍රිතාන්‍යයේ රැජිණ ලෙස අභිෂේක ගන්වනු ලැබුවා. ඇය වසර 69ක් බ්‍රිතාන්‍යයේ රැජිණ ලෙස කටයුතු කරනු ලැබුවා.
මේ අතර දෙවන එලිසබෙත් රැජිණ ගේ අභාවයෙන් පසුව බ්‍රිතාන්‍යයේ රජු ලෙස චාල්ස් කුමරු පත් කෙරුණු ඇත.
