ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණදෙමින් සිටින දැඩි ආර්ථික අර්බුදයහමුවේ මූලික වශයෙන් ගෘහස්ථ සහ ව්‍යාපාරික අරමුණු සඳහා භාවිතයට ගැනෙන ගෑස් ප්‍රමාණවත් පරිදි සැපයීමට නොහැකි වීම, රට සහ පොදු මහජනතාවට මුහුණ දීමට සිදු වූ ප්‍රධාන අභියෝගයක් බවට පත් විය. බෙදාහැරීමේ මධ්‍යස්ථානවල සහ කුඩා කඩ සාප්පු ඉදිරියේ, පුරවන ලද ගෑස් සිලින්ඩරයක් ලබා ගැනීම සඳහා දැඩි හිරු එළිය මධ්‍යයේ දින ගණන් බලා සිටින මිනිසුන් සහිත දිගු පෝලිම් ඇති විය.
ඩොලර් අර්බුදය හමුවේ, අභියෝග රාශියකට මුහුණ දීමට සිදු වූ බොහෝ ආයතන අතර ලිට්රෝ ගෑස් සමාගම ද විය. ඩොලර් හිඟය හැරුණු විට, අදූරදර්ශී ප්රතිපත්තීන් හේතුවෙන් කලක් ලාභ ලබන ආයතනයක්ව පැවති ලිට්රෝ ආයතනය දැන් විශාල පාඩුවලින් පීඩා විඳිමින් ණය බරින් මිරිකී සිටියි. ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම, රුපියල අවප්‍රමාණය වීම සමඟින් සංකලනය වී ඇති අතර, රටේ පුරවැසියන් සඳහා ස්ථාවර ගෑස් සැපයුමක් සුරක්ෂිත කිරීම සඳහා අවශ්‍ය අරමුදල් සම්පාදනය කළ නොහැකි තත්ත්වයකට පත්ව තිබේ.
අපේක්ෂිත ඩොමිනෝ බලපෑම මඟින් ගෑස් ප්‍රමාදය දිනෙන් දින වර්ධනය විය. මේ අතර, දිනෙන් දින රටේ පුරවැසියන් අත්විඳින දුක් වේදනා වර්ධනය විය. ගෑස් සැපයුම දැඩි ලෙස අඩාල වීමත් සමඟ ව්‍යාපාර සහ ජීවනෝපායන්ට දැඩි පහරක් එල්ල විණ. මෙය ඉන්ධන අර්බුදයත් සමඟ එක් වීමත් සමඟ රට විශාල ආරථික ප්රපාතයක් කරා ගෙන ගියේය.
ලිට්රෝ ගෑස් සමාගමට නිවැරදි නායකත්වයක් සමඟින් නැවත නැගීසිටීමට කාලය පැමිණ ඇති බව වඩ වඩාත් පැහැදිලි විය. 2022 ජුනි 15 වන දින, සමාගමේ නව සභාපතිවරයා ලෙස මුදිත පීරිස් මහතා පත් වූ අතර එතුමන් මීට පෙර රාජ්‍ය ගෑස් සැපයුම්කරු සහ ලිට්රෝ ගෑස් ටර්මිනල් ලංකා (පුද්ගලික) සමාගමේ කළමනාකාර අධ්යක්ෂවරයා ලෙසද කටයුතු කර තිබේ.
ඔහුගේ පත්වීමත් සමඟ ලිට්රෝ ගෑස් සමාගමෙහි කඩිනම් වෙනස්කම් රාශියක් ක්‍රියාත්මක වීමට පටන් ගත් අතර සමාගම මුහුණ දෙන බොහෝ බාධක ගැඹුරින් මුල් බැස ඇති බවත් ඒවා අභිබවා යාමට නම් මූලික සහ ක්රමානුකූල වෙනස්කම් රැසක් සිදුකළ යුතු බව හඳුනා ගැනිනි. මේ මොහොතේ නායකත්ව වෙනසකින් මෙම අර්බුධයට සැබෑ විසඳුම් ලැබෙන්නේදැයි බොහෝ දෙනා ප්‍රශ්න කළහ.
ඇත්ත වශයෙන්ම, විසඳුම් එක රැයකින් ළඟා වන්නේ නැත, දීර්ඝ කාලයක් පුරාවට පැවති අක්‍රමවත් පාලනයක් නිසා හටගත් එවැනි සංකීර්ණ ගැටලුවක් ක්ෂණිකව විසඳිය නොහැක. කෙසේ වෙතත්, මුදිත පීරිස් මහතා පත්වී මාසයක් ඇතුළත, ඔහු යෝජනා කරන ලද වෙනස්කම් ක්‍රියාත්මක කිරීම ඇරඹීමත් සමඟ එහි ඵලදායී ප්‍රතිඵල දක්නට ලැබෙමින් තිබේ.
සමස්තයක් ලෙස අර්බුදය සහ ජනතාවගේ අවශ්‍යතා පිළිබඳ සවිස්තරාත්මක අවබෝධයකින් යුතුව තිරසාර සහ ස්වයංපෝෂිත යෝජනාවලියක් ලෝක බැංකුව වෙත ඉදිරිපත් කළ අතර එය අර්ධ ණයක් සඳහා අනුමැතිය ලබා ගැනීමේ ක්‍රියාවලියට පසුකාලීනව හේතු විය. මාස කිහිපයක් ඇතුළත, ඒ වෙනුවෙන්ම කැපවූ කණ්ඩායමක් විසින් සකස් කරන ලද බුද්ධිමත් උපාය මාර්ග මඟින් ඒ වනවිට රටේ පැවති අවාසනාවන්ත තත්ත්වය තේරුම් ගැනීමට සහ විසඳීමට සමත් විය. මෙම වෙනස්කම් මඟින් දිගු කාලීම වශයෙන් රටට ගෑස් හිඟයකින් තොරව සැපයීම සඳහා යම්සහනයක් ලබා දුන්නේය. ලිට්රෝ ආයතනය මේ වනවිට රට පුරා සමාන්‍ය පරිදි ගෑස් බෙදා හැරීම සහතික කිරීමට කටයුතු කරමින් තිබේ.
සමස්තයක් ලෙස ශ්‍රී ලංකාවේ අනාගතය දෙස බලන විට පෙර නොවූ විරූ අභියෝගයක් ජය ගැනීම සඳහා ලිට්රෝ ගෑස් සමාගමවිසින් ක්‍රියාත්මක කරන ලද උපාය මාර්ග ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බව පැහැදිළිය. අපක්ෂපාතීව ක්‍රියාකිරීම සහ නිවැරදි නායකත්වය තුළින් ඕනෑම අර්බුධයක් ජය ගත හැකි බව ලිට්රෝ ආයතනය සමස්ත ජාතියටම ආදර්ශයක් සපයමින් පෙන්වා දී තිබේ. මේ අනුව, ලිට්රෝ ගෑස් සමාගම අනාගතයේදී මුහුණ දිය හැකි ඕනෑම අර්බුධයක් හමුවේත් ශක්තිමත්ව නැගී සිටිමින් සුරක්ෂිත හා සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ මෙහෙවරට කැපවී සිටින බවට පොරොන්දු වන්නෙමු.