ඉන්දියාවේ 15වැනි ජනාධිපති ලෙස ද්‍රෞපදී මුර්මු අද පෙරවරුවේ දිවුරුම් දුන්නාය.
අද පළමුව මහත්මා ගාන්ධි ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වූ ඇය ඉන් පසුව ධුරයෙන් නිකම යන ඉන්දීය ජනපති රාම් නාත් කෝවින්ද් ,ඉන්දීය ජනපති නිල නිවෙස වන රාෂ්ට්‍රපති භවන් හිදී හමු වූ අතර පසුව ඇය පාර්ලිමේන්තු සංකීර්ණය වෙත පැමිණියා ය.
දිවුරුම් දීම සිදුවූයේ එහිදී ය.
ද්‍රෞපදී මුර්මු ඉන්දියාවේ ගෝත්‍රික සම්භවයක් සහිත කාන්තාවකි.
එලෙස ඉන්දියාවේ ජනපති ධුරය ට පත් පළමුවැන්නා ඇය වන අතර 64 හැවිරිදි ද්‍රෞපදී ඉන්දියාවේ ළාබාලතම ජනාධිපති ද වේ.
ඉන්දියාවේ මීට පෙර ජනාධිපති ධුරය සඳහා එක් කාන්තාව ක් පත්ව සිටි අතර ඇය ප්‍රතිභා පටේල් ය.
ජනාධිපති ලෙස දිවුරුම් දීමෙන් පසු ද්‍රෞපදී විසින් නිකුත්කළ පළමු ට්විටර් පණිවුඩය මගින් දැක්වෙන්නේ ඇය නිදහස් ඉන්දියාවේ ඉපදී ජනපති ධුරය ට පත් පළමුවැන්නාද වන බවයි.