ජනපති රටින් පිටවේ.!

July 13, 2022 at 2:48 AM

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද අලුයම දිවයිනෙන් පිටත්ව ගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය කිහිපයක් සඳහන් කරයි.

 

ගුවන් හමුදා යානයකින් ඔහු ඇතුලු පිරිසක් රටින් පිටවූ බව එහි සඳහන් වේ.

 

පසුගිය නව වැනිදා විරෝධතා වලට පසු ජනාධිපතිවරයා සිය ඉල්ලා අස් වීම අද නිවේදනය කිරීමට නියමිතව ඇත.

ඇතැම් ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරන්නේ බැසිල් රාජපක්ෂ ,හිටපු මුදල් අමාත්‍යවරයා ද ඒ සමග රටින් පිටවගොස් ඇති බවයි.