ඉන්ධන අර්බුදය හමුවේ දුම්රිය සේවකයින් ට රාජකාරි සඳහා වාර්තා කිරීමට අපහසු වීම හේතුවෙන් අද පෙරවරුවේ කාර්යාල දුම් රිය 48න් 22ක් පමණක් ධාවනය වනබව දුම් රිය දෙපාර්තමේන්තුව පවසයි.
ඊයේ පස්වරුවේ ද දුම් රිය ධාවනාගාර සේවකයින් ඉන්ධන ගැටලුව මුල්කර්ගනිමින් වර්ජනයක් ආරම්භ කළ අතර දුම් රිය ධාවනය ට ඉන් දැඩි බාධා එල්ල විය.
මේ අතර දුම් රිය ස්ථානාධිපති වරුන් ද ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත්කළේ අද දිනය තුල දුම් රිය සීමා කිරීමේ තීරණයට එරෙහිව යි.
කෙසේ වෙතත් බලධාරීන් අද දිනයේ දුම් රිය ප්‍රමාණවත් පරිදි ධාවනය කරන බවට සහතික වීම නිසා එම වර්ජනය අත් හිටුවීමට එම සංගමය තීරණය කර තිබේ.