අනුරාධපුර තලාව ප්‍රදේශයේ දී වන අලියෙකුගේ ගැටී කැබ් රථය අනතුරට පත් වීමෙන් තුවාල ලැබූ ප්‍රවීණ රංගනශිල්පී ජැක්සන් ඇන්තනි කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර ඇත.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ සිට ඔහු කොළඹ ට මාරුකර එවා ඇති අතර අනුරාධපුර රෝහල් වෛද්‍ය වරු පැවසුවේ ජැක්සන් ඇන්තනි මහතාගේ ගෙළ ප්‍රදේශයේ අස්ථි දෙකක් ආබාධයන්ට ලක්ව ඇති බවයි.
එමෙන්ම ඔහුගේ පෙනහලු ආශ්‍රිතව ද තුවාල සිදුව ඇතිබව වාර්තා වේ.
තුවාල ලැබූ ජැක්සන් ඇන්තනි මහතාගේ සොහොයුරා ද අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔහුගේ ද පෙනහලු වලට තුවාල සිදුවී ඇති බව වෛද්‍ය වරු පවසයි.
අනතුරට ලක් වූ අනෙක් පුද්ගලයාගේ හිසේ කැපුම් තුවාලයක් ඇති අතරඔහුගේ තත්ත්වය බරපතල නොවන බව වාර්තා වේ.
ජැක්සන් ඇන්තනි ඇතුලු පිරිස මෙම අනතුරට මුහුණ දුන්නේ අනුරාධපුර ප්‍රදේශයේ රූ ගත කෙරෙන සිංහබාහු චිත්‍රපටයේ කටයුතු නිමවා පැමිනෙමින් සිටිය දීයි.
එහිදී වන අලියෙකු ඔවුන් පැමිණි ජැක්සන් ඇන්තනි මහතාට අයත් කැබ් රථයේ ගැටී ඒ මතට වැටී තිබේ.